Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විද්‍යාලය ඊයේ (17 වැනිදා) සමත්විය. මෙම තරගය රත්මලානේදී පැවැත්විණි.
පවන් රත්නායක, විනුක රූබසිංහ සහ හේෂාන් හෙට්ටිආරච්චි අර්ධ ශතක රැස්කරමින් කොළඹ මහනාම විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ළහිරු විතාන කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(පවන් රත්නායක 51, බිශාන් මෙන්ඩිස් 48, හේෂාන් හෙට්ටිආරච්චි 30, වත්සල පෙරේරා 27, පවන්ත වීරසිංහ 24, සවිඳු පිරීස් 40/3)
වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.5 කදී සියලුදෙනා දැවී ලකුණු 198
(අවිඳු ප්‍රනාන්දු 63, විශ්ව පිරීස් 34, සුහත් මෙන්ඩිස් 32, සඳුන් ප්‍රනාන්දු 20, සවිඳු පිරීස් 20, ළහිරු විතාන 34/6, හෂාන් සංදීප 42/2, හේෂාන් හෙට්ටිආරච්චි 56/2)
මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 204
(විනුක රූබසිංහ 84, හේෂාන් හෙට්ටිආරච්චි නොදැවී 54, සොනෙල් දිනූශ 21, කෞමාල් නානායක්කාර 37/3, විශ්ව පිරීස් 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.