Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනාම විද්‍යාලයට ඉනිමක ජයක්

මහනාම විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 64 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විද්‍යාලය සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ මහනාම විද්‍යාලයේ හේෂාන් හෙට්ටිආච්චි ලකුණු 75 කට කඩුලු 9 ක් සහ හෂාන් සංදීප ලකුණු 36 කට කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් තම පාසල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.3 කදී සියලුදෙනා දැවී ලකුණු 223
(බිශාන් මෙන්ඩිස් 57, පවන්ත වීරසිංහ 38, සසිත මනුප්‍රිය 99/4, තමිඳු වික්‍රමාරච්චි 52/3)

ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.1 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(ප්‍රවීන් සඳමාල් 37, තමිඳු වික්‍රමාරච්චි 21, හේෂාන් හෙට්ටිආච්චි 33/5, හෂාන් සංදීප 24/3, ඉශාන් කටුපිටිය 16/2)

ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32.3 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(රුක්ෂාන් දිසානායක 24, හෂාන් සංදීප 12/5, හේෂාන් හෙට්ටිආරච්චි 42/4)


අදහස් (0)

මහනාම විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.