Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කුරුණෑගලදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කරගනිමින් මලියදේව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට රවීන් කේලි (86) සමත් වූ අතර මලියදේව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට දුලාජ් රණතුංග (70) සහ ජනිත් දේෂාන් (51) සමත් වූහ.
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 260
(රවීන් කේලි 86, කැමරන් දුරුගේ 34, නගේන්ද්‍රන් විෂ්මිතන් 29, සහන් රණතුංග 41/3, සංජීවන් ප්‍රියදර්ශන 59/2)
මලියදේව විදුහල - ඕවර 48.3 කදී කඩුලු 8 ක් දැවී 262
(දුලාජ් රණතුංග 70, ජනිත් දේෂාන් 51, සුපුන් සුමනරන්ත 29, කවීන් බණ්ඩාර 24, ශමිල රත්නායක නොදැවී 24, නිපුන් සුමනසිංහ 48/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.