එක්සත් අරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ (15 වැනිදා) පැවැති තරගයකදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය මරාතා ඇරබියන්ස් ක්‍රීඩකයෝ ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 18 කදි හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස්කළ රිලී රූසොව්, අවසන් පන්දුවට හයේ පහරක් ගසමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඇලෙක්ස් හේල්ස් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක් රැස්කරමින්ද, වැන්ඩර් මර්ව් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක් රැස්කරමින්ද මරාතා ඇරබියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
කාසියේ වාසිය දිනූ මරාතා ඇරබියන්ස් කණ්ඩායමේ නායක විරේන්ද්‍ර ෂෙවැග් ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි කලම්බෝ ලයන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 125 ක් රැස්කළේය.
එහිදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
ෂෙහාන් ජයසූරිය (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චන්දිමාල්, ඉන් නොනැවතී රමිත රඹුක්වැල්ල (22) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 37 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කලම්බෝ ලයන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 11 කදී වාර්තා වූ ෂෙහාන් ජයසූරියගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 10 කදී වාර්තා වූ රමිත රඹුක්වැල්ලගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. එහිදී භානුක රාජපක්ෂ පන්දු 9 කදී ලකුණු 19 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
කලම්බෝ ලයන්ස් පිල - ඕවර 10 කදි කඩුලු 4 කට 125
(දිනේෂ් චන්දිමාල් 37, භානුක රාජපක්ෂ 19, ෂෙහාන් ජයසූරිය 28, රමිත රඹුක්වැල්ල 22, ඞ්වේන් බ්‍රාවෝ 12/2, හාර්ඩස් විලියන් 28/2)
මරාතා ඇරබියන්ස් පිල - ඕවර 10 කදි කඩුලු 5 කට 131
(ඇලෙක්ස් හේල්ස් 32, රිලී රූසොව් නොදැවී 49, වැන්ඩර් මර්ව් 25, විශ්ව ප්‍රනාන්දු 15/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.