Last Update  :  2025-07-25 15:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket භානුක දිගටම බංකුවේ රඳවයි

භානුක දිගටම බංකුවේ රඳවයි

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්ව සිටින එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන භානුක රාජපක්ෂ දිගින් දිගටම බංකුවේ රඳවා තැබීමට ඔහු නියෝජනය කරන පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා විචාරකයන්ගෙන් විවිධ විවේචන එල්ල වී තිබේ. 

හිටපු ඉන්දීය ක්‍රීඩකයකු මෙන්ම විස්තර විචාරකයකුද වන සංජේ මන්ජෙයිකාර් මහතාද පවසා ඇත්තේ දිගින් දිගටම ආර්ථක වූ පන්ජාබ් කණ්ඩායමේ මුල් පෙළ ශක්තිමත් කිරීම සඳහා ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැලකෙන භානුක යළිත් කණ්ඩායමට ඇතුළත් විය යුතු බවය. 

මේ දක්වා තරග 7 කට ක්‍රීඩා කර ඇති ජන්ජාබ් කණ්ඩයම ඉන් තරග 3 ක් ජයගෙන, තරග 4 ක් පරාජයට පත්වී ලකුණු 6 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසුවේ. මේ වන විට පන්ජාබ් කණ්ඩායමට පසුපසින් සිටින්නේ තරග 5 ක් පරාජය වී ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සහභාගි වූ සියලුම තරග පරාජයට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පමණි. 

පන්ජාබ් කණ්ඩායම සහභාගි වූ මුල් තරග 3 සඳහා ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ, එහිදී එහිදී පන්දු 36 කින් ලකුණු 83 ක් රැස්කිරීමට සමත් වූයේ 27.66 ක සාමාන්‍යයක් සහ 230.55 ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. ඊට හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක්ද ඇතුළත් විය. සිය මංගල අයි.පී.එල්. තරගයේදීම පන්දු 22 කින් වේගවත් ලකුණු 43 ක් රැස්කිරීමටද ඔහු සමත් විය.
 
කෙසේ වුවත් පන්ජාබ් කණ්ඩායම සහභාගි වූ සිවුවැනි තරගයේ සිට 7 වැනි තරගය දක්වා භානුක බංකුවේ රඳවා තැබූ කණ්ඩායම් කලමණාකාරීත්වය, ඔහු වෙන්වට එංගලන්ත පිතිකරු ජොනී බෙයාස්ටෝ කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. 

එහිදී දැඩි ලෙස ආසාර්ථක වූ බොයාස්ටෝට එම තරග 4 දී පන්දු 39 කින් ලබාගත හැකි වූයේ ලකුණු 41 ක් පමණි. එහි සාමාන්‍යය 10.25 ක් ලෙස සටහන් වූ අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 105.12 ක අගයක් ගත්තේය. එහිදී එක් හයේ පහරක් හෝ ගැසීමටද අපොහොසත් වූ බොයාස්ටෝගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 8, 12, 12 සහ 9 ක් ලෙසිනි. 

පන්ජාබ් කණ්ඩායමට මූලික වටයේ තවත් තරග 7 ක් ඉතිරිව ඇති අතර අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔවුන්ට එම තරගවල ජයග්‍රහණයන් ඉතා වැදගත් වනු ඇත. පන්ජාබ් කන්ඩායම සහභාගි වන මීළග තරගය චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය. 

-036


අදහස් (0)

භානුක දිගටම බංකුවේ රඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.