Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 54 ක් අවසන් වන විට යළිත් වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ලකුණු 16 ක් ලබා සිටින රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 11 න් 8 ක් ජයගෙන සිටින බෙංගලූරු ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ තරග 3 ක් පමණි.
බෙංගලූරු කණ්ඩායම දෙවැනි වරට ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා (3 වැනිදා) බෙංගලූරු නුවරදී පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කරමිනි. එතෙක් ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ අතර එහි පෙරමුණ ගෙන සිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමය.
පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම මේ දක්වා තරග 11 කට සහභාගි වී ජයග්‍රහණ 7 ක් සහ පරාජයන් 3 ක් ලබා සිටින අතර ඔවුන් සහභාගි වූ එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව ලකුණු 15 ක් ලබා සිටින ඔවුහු ලණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටිති.
මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට පිළිවෙලින් ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිව තිබේ. මේ වන විට මුම්බායි කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 1.274 ක් ලෙසද, ගුජරාට් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය 0.867 ක් ලෙසද සටහන් වේ.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 12 ක් ලබා ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැදී සිටින අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 11 ක්ද, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් ලකුණු 10 ක්ද ලබා පිළිවෙලින් ලකුණු සටහනේ හයවැනි සහ හත්වැනි ස්ථානවල පසුවෙයි.
මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී ඇති රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ලකුණු 6 ක් බැගින් ලබා අටවැනි සහ නමවැනි ස්ථානවලද පසුවෙන අතර චෙන්නාය සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 4 කට හිමිකම් කියමිනි.
මේ වන විට බෙංගලූරු කණ්ඩායමේ විරාට් කෝලි තරග 11 කදී අර්ධ ශතක 7 ක් සමග ලකුණු 505 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර ගුජරාට් කණ්ඩායමේ ප්‍රසිද් ක්‍රිෂ්ණා තරග 10 කදී කඩුලු 19 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ රැදී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.