තරග 4 කදී ලකුණු 207 ක් ලබාගත් බුද්ධිම සේනාරත්නගේ දක්‍ෂ පිතිහරඹය නිසා වයස 15 න් පහළ III කාණ්ඩයේ පැවති කි‍්‍රකට් තරග 4 කින් ජය ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්විය.
එම තරග වලදී මරදාන සහිරා, ශාන්ත අන්තෝනි, ශාන්ත ජෝශප් සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් පරාජය කිරීමට ශාන්ත පීතර විදුහලට හැකි විය.
එම තරග 4 දී නොදැවී 66 ක්, 29 ක්, නොදැවී 40 ක් සහ 72 ක් වශයෙන් ලකුණු 207 ක් රැස්කරගත් බුද්ධිමගේ ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 103.5 ක් ලෙසය.
මොරටුවේදී සහිරා විදුහලට එරෙහිව කඩුලූ 10 ක ජයක්
සහිරා විදුහල ඕවර 46 කදී සියලූ දෙනා දැවී ලකුණු 108 (එම්. මුඞීන් 41, ශෙනාල් ද සිල්වා 09/4, බුද්දිම සේනාරත්න 10/2, දිනිත් පීරිස් 19/2, අවිශ්ක මෙන්ඩිස් 20/2)
ශාන්ත පීතර විදුහල ඕවර 17.2 කදී කිසිනෙකු නොදැවී 109 (බුද්දිම සේනාරත්න නොදැවී 66, දිනිත් පීරිස් නොදැවී 26)
බම්බලපිටියේදී ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කඩුලූ 9 ක ජයක්
ශාන්ත අන්තෝනි විදුහල ඕවර 22.2 කදී සියලූ දෙනා දැවී 35 (ශෙනාල් ද සිල්වා 15/4, හසිත කිරිඇල්ල 11/3, රුක්ෂාන් ඩයස් 04/2)
ශාන්ත පීතර විදුහල ඕවර 7.2 කදී එක් කඩුල්ලක් දැවී 41 (බුද්දිම සේනාරත්න 29)
ග‍්‍රැන්ඞ්පාස්හිදී ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව කඩුලූ 10 ක ජයක්
ශාන්ත ජෝශප් විදුහල ඕවර 26.1 කදී සියලූ දෙනා දැවී 57 (දනිත් සිල්වා 29, ශෙනාල් ද සිල්වා 10/3, රුවන් පතිරණ 04/2, රුක්ෂාන් ඩයස් 8/2)
ශාන්ත පීතර විදුහල ඕවර 7.4 කදී කිසිනෙකු නොදැවී 58 (බුද්දිම සේනාරත්න නොදැවී 40)
බම්බලපිටියේදී ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 121 ක ජයක්
ශාන්ත පීතර විදුහල ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී 201 (බුද්දිම සේනාරත්න 72, හසිත කිරිඇල්ල 30, අවිශ්්ක මෙන්ඩිස් 20, ටිරාන් මධුරංග 40/4, ඉමේෂ් සුපුන් 33/4)
ධර්මපාල විදුහල ඕවර 35 කදී සියලූ දෙනා දැවී 80 (නවීන් තරංග 21, රුක්ෂාන් ඩයස් 22/3, හසිත කිරිඇල්ල 32/3, ශෙනාල් ද සිල්වා 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.