Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විරාට් කෝලි (73), ෆෆ් ඩු ප්ලෙසීස් (44) සහ ග්ලෙන් මැක්ස්වෙල්ගේ (නොදැවී 40) පිතිහරඹයන් හමුවේ ගුංරාට් ටයිටන්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (19 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 67 වැනි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය. ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු වැඩි කර ගැනීමටද ඔවුන්ට හැකිවිය.
දිල්ලි කැපිටල් පිල සහභාගිවන අවසන් තරගයේ දිල්ලි පිල පරාජයට පත්වුවහොත් අවසන් වටය සඳහා බැංගලෝර් පිලේ සහභාගීත්වය ස්ථිර වේ. නමුත් දිල්ලි පිල ජයගත්හොත් ශුද්ධ ලකුණු වේගය මත බැංගලෝර් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
පළමු කඩුල්ල සඳහා පන්දු 87 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීමට ආරම්භක පිතිකරැවන් වූ විරාට් කෝලී සහ ෆෆ් ඩු ප්ලෙසීස් සමත්වූහ.
විරාට් කෝලී පන්දු 54 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක්ද, ෆෆ් ඩු ප්ලෙසීස් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. වේගවත් පිතිහරඹයක නිරත වූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් ලබාගනිමින් බැංගලෝර් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය.
හර්දික් පාණ්ඩ්‍යා පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් ලබාගනිමින් ගුජරාට් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. විර්දිමාන් සාහා පන්දු 22 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 31 ක් සහ ඩේවිඩ් මිලර් පන්දු 25 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් ලබාගැනීමට සමත්වූහ.
ජොෂ් හේසල්වුඩ් ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගන්නා විට වනිඳු හසරංග සහ ග්ලෙන් මැක්ස්වෙල් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමටනම් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අද තරගය ජයගත යුතුව ඇත. ගුජරාට් ටයිටන්ස් පිල මේ වනවිටත් අවසන් වටයේ තම ස්ථානය කලින්ම වෙන්කර ගෙන ඇත.
ගුජරාට් ටයිටන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 168
(විර්දිමාන් සාහා 31, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 62, ඩේවිඩ් මිලර් 34, ජොෂ් හේසල්වුඩ් 39/2)
රෝයල් චැලේන්ර්ස් බැංගලෝර් - ඕවර 18.4 කදී කඩුලු 2 ක් දැවී 170
(විරාට් කෝලි 73, ෆෆ් ඩු ප්ලෙසීස් 44, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 40, රෂීඩ් ඛාන් 32/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.