Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බාලිකා II වැනි කොටසේ අවසන් මහා තරගය හෙට

බාලිකා II වැනි කොටසේ අවසන් මහා තරගය හෙට

editorial - 2023 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අවුරුදු 19 න් පහළ බාලිකා II වැනි කොටසේ තරගාවලියේ අවසන් මහා තරගය හෙට (23 වැනිදා) ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. උහන ජාතික පාසල සහ වික්‍රමශිලා ජාතික පාසල අවසන් මහා තරගයට මුහුණ දෙති.

තරගාවලිය පුරාම අපරාජිත ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල පළමු වටයේ කණ්ඩායම් ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසියේය. දෙවැනි වටයේදී ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය පරාජය කළ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් කණ්ඩායම පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය පරාජය කළේය. පසුව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී සමන්පුර මහා විද්‍යාලය පරාජය කළ වික්‍රමශිලා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයේදී මීගමුව නිව්ස්ටඞ් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

අපරාජිත උහන ජාතික පාසල් කණ්ඩායමද පළමු වටයේ කණ්ඩායම් ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසීයේය. දෙවැනි වටයේදී අගලවත්ත මිහිඳු ජාතික පාසල පරාජය කළ උහන ක්‍රීඩිකාවෝ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලය පරාජය කළ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය පරාජය කරන ලදී. අවසන් පූර්ව වටයේදී මහාමායා බාලිකා විද්‍යාලය පරාජය කරමින් උහන ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

 


වික්‍රමශිලා ජාතික පාසල් සංචිතය :
අශානි කෞශල්‍යා (නායිකාව), පව්නි චමෝද්‍යා, චමුදි භාග්‍යා, අයෝධ්‍යා ශ්‍රී සෙව්වන්දි, පුන්සරායි ප්‍රබෝධා, හිරුණි ඉමේෂා, දිලාංජි නිකේෂා, රිෂ්මි ෂෙහාරා, දේශාන්දි බිම්නාරා, චමත්කා රත්නායක, සමිදි නවෝද්‍යා, නුලත්මා හංසත්, සමදරී ෂත්සරණි, ඉෂානි ලක්ෂිකා, දුනිති තිසන්‍යා, දසුනි මතීෂා, සෙනුරි අයෝද්‍යා සහ නිමේෂා සෙව්වන්දි

 

උහන ජාතික පාසල් සංචිතය: 
දුලංජලී නවෝද්‍යා (නායිකාව), මල්ෂානි සෙව්මිණි (උප නායිකාව), ගයනා ගුණතිලක, ෂෙහාරා දේවින්දි, භාග්‍යා අරුණෝදි, සදුෂි කවිෂ්කා, ඩිල්ෂානි වීරරත්න, උදේනි ලක්මාලි, ලක්මින්දි ලියනගේ, සචිනි කෞෂල්‍යා, සකිත්මා හංසාලි සහ ප්‍රමුදි මෙත්සරා, 

 

- 213


අදහස් (0)

බාලිකා II වැනි කොටසේ අවසන් මහා තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.