අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බණ්ඩාරවෙල මැදි විදුහල සහ බඩල්කුඹුර නිස්සංක මැදි විදුහල අතර බණ්ඩාරවෙල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට බණ්ඩාරවෙල මැදි විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ බණ්ඩාරවෙල මැදි විදුහලේ චතුම් විජේසුන්දර ලකුණු 52 කදී කඩුලු 8 ක් දවාගනිමින් ලකුණු 74 ක්ද රැස්කළේය.
	
	නිස්සංක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 93  
	(නවීන් රණසිංහ 26, චතුම් විජේසුන්දර 09/3, කංචන ප්‍රසංග 25/3, සෙනුජ තිනෙත් 21/2, සවිඳු ජනීෂ 29/2)
	බණ්ඩාරවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 24.4 කදී කඩුලු 9 ක් දැවී 129
	(චතුම් විජේසුන්දර 30, ගිම්හාන් වීරසිංහ 30, චේතන නිපුන් 21, රිද්ම හේවගේ 31/4)
	නිස්සංක මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 112  
	(ෂෙහාන් මධුවන්ත 23, වත්සල දිසානායක 20, චතුම් විජේසුන්දර 43/5, සවිඳු ජනීෂ 22/3)
	බණ්ඩාරවෙල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 6.4 කදී කඩුල්ලක් දැවී 78
	(චතුම් විජේසුන්දර 44, ගිම්හාන් වීරසිංහ 27)
	
	-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.