Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිල්ලි කැපිටල් සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (22 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගයෙන් ලකුණු 15 ක් ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදීී රාජස්ථාන් පිල ලැබූ 7 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද ඔවුන්ට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ප්‍රසිද් ක්‍රිෂ්ණා ප්‍රමුඛ රාජස්ථාන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. දක්ෂ පන්දු යැවීීමක නිරත වූ ක්‍රිෂ්ණා ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත්තේය. දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිෂාබ් පාන්ට් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය.
ප්‍රිත්වි ෂෝ පන්දු 27 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක්ද, ඩේවිඩ් වෝනර් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඉන් අනතුරුව ලලිත් යාදව් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද, රෝමන් පවෙල් පන්දු 15 කදී හයේ පහර 5 ක් සමග ලකුණු 36 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩයම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 222 ක් ලබාගත්‍තේය. එහිදී මෙවර තරගාවලිය තුළ සිය තෙවැනි ශතකය ලබාගත් ජොස් බට්ලර් පන්දු 65 කින් ලකුණු 116 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. එම ශතකයත් සමග එක් අයි.පී.එල්. තරගාවලියක් තුළ ශතක 3 ක් ලබාගත් එකම පිතිකරුවා ලෙසද බට්ලර් වාර්තා අතරට එක් විය.
දෙව්දූත් පඩික්කල් (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය. පන්දු 35 කදී වාර්තා වූ පඩික්කල්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක සංජු සැම්සන් පන්දු 19 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
රාජස්ථාන් රොයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 222
(ජොස් බට්ලර් 116, දෙව්දූත් පඩික්කල් 54, සංජු සැම්සන් නොදැවී 46)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 207
(ප්‍රිත්වි ෂෝ 37, ඩේවිඩ් මිලර් 28, රිෂාබ් පාන්ට් 44, ලලිත් යාදව් 37, රෝමන් පවෙල් 36, ප්‍රසිද් ක්‍රිෂ්ණා 22/3, රවිචන්ද්‍රන් අෂ්වින් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.