Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලය අද (10 වැනිදා) කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙති. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව මෙම තරගය සංවිධානය කරනු ලබයි.
පළමු වටයේදී කාණ්ඩ 9ක් යටතේ පාසල් කණ්ඩායම් 53ක් තරග වැදුණු අතර දෙවැනි වටයට පාසල් කණ්ඩායම් 32ක් සුදුසුකම් ලැබූහ. දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්විනි.
පොළොන්නරුව රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය 'බී' පිලත් අවසන් පූර්ව වටයේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයත් පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයත්, අවසන් පූර්ව වටයේදී කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයත් පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
පොළොන්නරුව රාජකීය විද්‍යාල පිල සේසිත දින්සර විසින් මෙහෙවනු ලබන අතර, කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල ඔෂාන් සුලක්ෂණ විසින් මෙහෙයවනු ලබයි.
පොළොන්නරුව රාජකීය විදුහල් සංචිතය:
සේසිත දින්සර (නායක), තේජාන් බණ්ඩාර, නෙසඳු බණ්ඩාර, චමිඳු දඩල්ලගේ, පූර්ණ පෘතුවි, මහීෂ ඉඳුරංග, සස්මිත චමෝද්, දෙනිත් සඳුල්, රිද්ම දසුන්, යෙනුල ලක්මින්, සේසඳ චමත්සර, දෙසඳු මෙත්සිත්, සන්දිත් දිනාන්, ඩන්කන් ජයසිංහ (කණ්ඩායම් භාර ආචාර්ය), මයුර ගුණසිංහ (ප්‍රධාන පුහුණුකරු), තෙමින්ද වීරසිංහ (සහාය පුහුණුකරු)
කොළඹ රාජකීය විද්‍යාලීය ‘බී’ සංචිතය:
ඔෂාන් සුලක්ෂණ (නායක), මහිරු කොඩිතුවක්කු (උප නායක), නෙසඳු මන්දිව්, තුමිඳු සෝමසිරි, තරුල් වෛද්‍යරත්න, මොහොමඩ් නිෆාද්, ජවීත් පෙරේරා, තේනුජ බණ්ඩාර, ජනිරු වීරරත්න, රසුල මදරසිංහ, ඉසුක වික්‍රමසිංහ, විනුග අල්විස්, අකේන් රණසිංහ, අහස්වින් හේවාවිතාරණ, ඇන්ඩ්‍රියා විජේරත්න, මින්දුල මදෙව්, සඳුන් වීරසූරිය (කණ්ඩායම් භාර ආචාර්ය), ගාමිණී පෙරේරා (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු), ප්‍රගීත් ෆර්ඩිනැන්ඩෝ (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.