අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කරගනිමින් ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
වේල්ස් කුමර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ශමිඳු විරාජ් (70) සහ රවිඳු ලෝචන (51) සමත් වූ අතර ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සචින් සිල්වා (82) සමත් විය.
	
	වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 214  
	(ශමිඳු විරාජ් 70, රවිඳු ලෝචන 51, ප්‍රින්ස් ප්‍රනාන්දු 39, අංජුල සහන් 20, සචින් සිල්වා 27/2)
	ශාන්ත පීතර විදුහල - ඕවර 48.3 කදී කඩුලු 7 ක් දැවී 218  
	(සචින් සිල්වා 82, දිනෙත් සංජුල 38, ශිවාන් පෙරේරා 29, සන්තුෂ් ගුණතිලක 26, ලෂේන් රොද්‍රිගූ නොදැවී 16, රවීන් පීරිස් 26/3, රවිඳු ජනිත් 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.