Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පී. ද එස්. කුලරතන විදුහල ඉනිමකින් ජය ගනී

පී. ද එස්. කුලරතන විදුහල ඉනිමකින් ජය ගනී

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයක් ලෙස අම්බලන්ගොඩ පී. ද එස්. කුලරතන විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර අම්බලන්ගොඩ නරග සභා ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින තරගයෙන් ඉනිමක සහ ලකුණු 71 ක ජයක් අත්කර ගැනීමට පී. ද එස්. කුලරතන විදුහල සමත් විය. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 145 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශ්‍රී රාහුල විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 74 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශකිල හංසක එහිදී ලකුණු 15 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. 


පී. ද එස්. කුලරතන විදුහල් පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලු දෙනා දැවී 254   
(ශවිඳු ආකාෂ් 47, ජනිඳු චාමික 31, රවිෂාන් නෙත්සර 48, මතීෂ දුලාංජන 29, සසිඳු කෞෂාන් 22, ධනුෂ්ක මධුෂංක 28, ශකිල හංසක නොදැවී 16, විෂාල් ගාඩිවසම් 70/5, තවීෂ ෂෙනාල් 64/4) 

ශ්‍රී රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 109  
(දිනෙත් අබේසේකර 67, රවිෂාන් නෙත්සර 10/3, ධනුෂ්ක මධුෂාන් 10/3, ජනිඳු චාමික 22/2, ශකිල හංසක 24/2) 

ශ්‍රී රාහුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 74 
(තවීෂ ෂෙනාල් 17, දිනෙත් අබේසේකර 15, ශකිල හංසක 15/4, ඉනුක ද සිල්වා 21/3) 

-036 


අදහස් (0)

පී. ද එස්. කුලරතන විදුහල ඉනිමකින් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.