Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ ඉන්දියාවට ජය ගෙනෙති

පිතිකරුවෝ ඉන්දියාවට ජය ගෙනෙති

editorial - 2023 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ ඉන්දෝර්හිදී ඊයේ (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් නයායට අනුව ලකුණු 99 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට ඉන්දියාවට හැකි විය.

වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ ජයග්‍රාහී ඉලක්කය ඕවර 33 කදී ලකුණු 317 ක් බවට පත්වූ නමුත් ඕවර 28.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 217 ක් පමණි. රවිචන්ද්‍ර අෂ්වින් ලකුණු 41 කට කඩුලු 3 ක්ද, රවින්ද්‍ර ජදේජා ලකුණු 42 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 399 ක් ලබාගත් අතර එහිදී ශතක ලබාගැනීමට ශුබ්මන් ගිල් (104) සහ ශ්‍රෙයාස් අයියර් (105) සමත් වූහ. පන්දු 97 කදී වාර්තා වූ ගිල්ගේ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 90 කදී වාර්තා වූ අයියර්ගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරි පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 37 කින් නොදැවී ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. නායක ලෝකේෂ් රාහුල් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දායකත්වය සැපයීය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 399
(ශුබ්මන් ගිල් 104, ශ්‍රෙයාස් අයියර් 105, ලෝකේෂ් රාහුල් 52, ඉෂාන් කිෂන් 31, සූර්යකුමාර් යාදව් නොදැවී 72, කැමරන් ග්‍රීන් 103/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 217
(ඩේවිඩ් වෝනර් 53, මානස් ලැබුෂේන් 27, කැමරන් ග්‍රීන් 19, ෂෝන් ඇබට් 54, ජොෂ් හෙසල්වුඩ් 23, රවිචන්ද්‍රන් අෂ්වින් 41/3, රවින්ද්‍ර ජදේජා 42/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 56/2)

-036


අදහස් (0)

පිතිකරුවෝ ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.