Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ - ‘ඒ’ කාණ්ඩයේ ශුරතාව දිනති

පානදුර ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ - ‘ඒ’ කාණ්ඩයේ ශුරතාව දිනති

editorial - 2021 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
 
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ »» වැනි කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල සමත් විය. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් සුමංගල ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝන් කණ්ඩායමට විශ්ව  ළහිරු ප්‍රමුඛ සුමංගල විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 33.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි. වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක විශ්ව ළහිරු නිලකුණු ඕවරයක්ද සමග ඕවර 7 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 5 ක් බිඳහෙළිය. 
 
ශාන්ත ජෝන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ළහිරුට අනගි සහායක් දුන් චාරුක ජයතිලක ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත්තේය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 69 ක ඉලක්කයක් හඹාගිය සුමංගල විදුහල ඕවර 19.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කළ මිහිරංග ප්‍රනාන්දු සුමංගල විදුහලේ ජයග්‍රහණය තහවුරු කළේය.
 
ශාන්ත ජෝන් විදුහල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 68
 
(අමිල තුරුවන් 15, සචින් ධනංජය 14, විශ්ව ළහිරු 12/5, චාරුක ජයතිලක 14/3)
 
සුමංගල විදුහල - ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී 69
 
(මිහිරංග ප්‍රනාන්දු නොදැවී 36, ඉමෙත් ගම්පොල 17, දිනුෂ්ක මධුෂාන් 06/2)

අදහස් (0)

පානදුර ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ - ‘ඒ’ කාණ්ඩයේ ශුරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.