වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පානදුර රාජකීය විදුහල සහ හොරණ තක්‍ෂිලා මැදි මහ විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 145 ක ජයක් ලැබූහ.
රාජකීය විදුහල් වමතින් පා දඟ පන්දු යවන විමුක්ති මධුෂාන් දක්‍ෂ පන්දු යැවීමක නරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 20 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.
රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 296 (දමිඳු අෂාන් 43, චාමර සිල්වා 91, යසිත් චමෝද් 50, රුසිරු රවිසංඛ නොදැවී 58, රොෂාන් දුමින්ද 38/2, කවිඳු එරංග 67/2, නුවන් පුෂ්පකුමාර 62/2)
තක්‍ෂිලා මැදි මහ විදුහල පළමු ඉනිම 73 (විශ්ව ප‍්‍රියදර්ශන 18, භාෂිත ලක්‍ෂාන් 19/3, අසිත ධනංජය 8/3, රවීන් ලක්‍ෂාන් 7/2) සහ දෙවැනි ඉනිම 78 (උරේෂ් ඉමිඳු 28, විමුක්ති මධුෂාන් 20/6, රවීන් ලක්‍ෂාන් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.