Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය වසර 7 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානය වසර 7 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 7 කට පසුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ජුලී මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22 වැනිදා) නිවේදනය කළේය. තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2021-23 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත් වේ.

මින් පෙර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් ද පැවැත්වීමට සැලසුම් කර තිබුණද මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අවලංගු කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පසුගිය මැයි මාසයේදී එකඟ විය. එම එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයට ඇතුලත් නොවන බැවින් තරගාවලිය අවලංගු කිරීමට අපහසුවක් නොවීය.

ජුලී 6 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන පාකිස්තාන කණ්ඩායම ජූලි 11 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයට (තෙදින) එක්වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය ජුලී 16 සිට 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූලි 24 සිට 28 දක්වා පැවැත්වේ.


තරග කාලසටහන
ජුලි 11 - 13 - පුහුණු තරගය, කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ජූලි 16 - 20 - පළමු ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූලි 24 - 28 - දෙවැනි ටෙස්ට් තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

පාකිස්තානය වසර 7 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.