Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රින්ටර්ස් සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය අද

ප්‍රින්ටර්ස් සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය අද

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය 11 වැනි වරටත් සංවිධානය කරන ‘ප්‍රින්ටර්ස් සික්සර්ස් - 2024’ ක්‍රිකට් තරගාවලිය අද (6 වැනිදා) පෙරවරු 7.00 සිට කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලාන සමගින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට කුසලාන සමගින් රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ. 

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සඳහා රුපියල් දස දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති. 

ඇඞ්වාන්ස්ඞ් ප්‍රින්ටින් ටෙක්නොලොජීස්, කලර්ක්‍රෝමා, ෆ්ලෙක්සි ප්‍රින්ට් ඇන්ඞ් ප්‍රින්ට් යූ.එස්.ඒ., ජේ.ඩී.සී. ප්‍රින්ටින් ටෙක්නොලොජීස්, කේ.එන්.ඕ. ප්‍රින්ටින් නීඞ්ස්, ප්‍රින්ට් කෙයාර් සහ සිතාරා ලිමිටඞ් යන ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි. 

- 036 

(ඡායාරූප - ලහිරු හර්ෂණ)


අදහස් (0)

ප්‍රින්ටර්ස් සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.