
නවසීලන්තයට එරෙහිව නාග්පූර්හිදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 48 ක ජයක් වාර්තා කිරිමට ඉන්දියාව ඊයේ (21 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ග්ලේන් පිලිප්ස් පන්දු 40 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය.
ටිම් රොබින්සන් (21) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 30 කින් ලකුණු 51 ක් එක්කළ පිලිප්ස්, ඉන් නොනැවතී මාක් චැප්මන් (39) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 42 කින් ලකුණු 79 ක් එක් කිරීමටද සමත් විය. පන්දු 24 කදී වාර්තා වූ රොබින්සන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 238 ක ලබාගත් අතර එහිදී අර්ධ ශතකයත් ලබාගත් අරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 35 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 84 ක් රැස්කළේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 20 කට මුහුණුදුන් රිංකු සිං පන්දු 20 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළේ කළේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 238
(අභිෂේක් ශර්මා 84, සූර්යකුමාර් යාදව් 32, හර්දීක් පාණ්ඩ්‍යා 25, රිංකු සිං නොදැවී 44, ජෙකොබ් ඩෆී 27/2, කයිල් ජෙමීසන් 54/2)
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 190
(ටිම් රොබින්සන් 21, ග්ලේන් පිලිප්ස් 78, මාක් චැප්මන් 39, ඩර්ලි මිචෙල් 28, මිචෙල් සෑන්ට්නර් නොදැවී 20, ශිවම් ඩූබේ 28/2, වරුණ් චක්‍රවර්ති 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.