Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට
සිංහ - කැන්ගරු සටන

පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට

editorial - 2022 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති නිල නොවන (සිවුදින) ටෙස්ට් තරගයෙන් ලකුණු 68 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 249 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තන්වීර් සැන්හා ලකුණු 56 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

නේදන් මැක්ඇන්ඩෘ සහ ඒරන් හාඩි කඩුලු 3 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියා ‘ඒ’ කාණ්ඩායමේ ජයග්‍රණය තහවුරු කිරීම සඳහා සැන්හාට අනගි සහායක් දුන්හ.

දෙවැනි ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සදීර සමරවික්‍රම හතරේ පහර 9 ක් සමග ලකුණු 105 ක් රැස්කළද, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහුට නොහැකි විය. ආරම්භක පිතිකරු මිනෝද් භානුක ලකුණු 87 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි.

තෙවැනි දිනය වූ ඊයෙ(16 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටි ඕස්ට්‍රේලියා ‘ඒ’ කාණ්ඩායම, අද (17 වැනිදා) දිනයේදී ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.


ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 379
(ට්‍රැවීස් හෙඩ් 39, ජොෂ් පිලිප් 94, ඒරන් හාඩි 62, නේතන් මැක්ඇන්ඩෘ 92, මාක් ස්ටෙකෙටී 47, ඩිල්ෂාන් මධුෂංක 62/4, සුමින්ද ලක්ෂාන් 59/3, ලක්ෂාන් මානසිංහ 115/3)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(පබසර වඩුගේ 30, නුවනිඳු ප්‍රනාන්දු 86, සදීර සමරවික්‍රම 29, ළහිරු උදාර 50, ලක්ෂිත මානසිංහ 35, ටොඩ් මර්පි 67/4, මාක් ස්ටෙකෙටී 51/3, මැතිව් කුනෙමාන් 41/2)

ඕස්ට්‍රේලියා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 212
(මාකස් හැරිස් 32, මැට් රේන්ෂෝ 32, නික් මැඩින්සන් 59, ජොෂ් පිලිප් 69, ලක්ෂිත මානසිංහ 83/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 249
(මිනෝද් භානුක 87, සදීර සමරවික්‍රම 105, සුමින්ත ලක්ෂාන් 23, තන්වීර් සැන්හා 56/4, නේදන් මැක්ඇන්ඩෘ 31/3, ඒරන් හාඩි 35/3)

-036


අදහස් (0)

පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.