අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර තිස්ස මැදි විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.
එහිදී දේවානන්ද විදුහලේ පසිඳු ධනංජය (74) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම වනිත් ද සිල්වා සහ ලසිඳු ලක්ෂාන් කඩුලු 3 බැගින් දවාගත්හ.
තිස්ස මැදි විදුහල - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 157
(සුසර ඉඳුවර 31, රනුෂ චතුරංග 30, චමල් සාරංග 25, වනිත් ද සිල්වා 19/3, ලසිඳු ලක්ෂාන් 44/3, කවීෂ කල්පන 34/2)
දේවානන්ද විදුහල - ඕවර 39.4 කදී කඩුලු 6 ක් දැවී 158
(පසිඳු ධනංජය 74, සසිඳු ද සිල්වා 27, සුසර ඉඳුවර 44/2, ජනිත් ලක්රුවන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.