රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (21 වැනිදා) පැවැති තරගයකදී ඇමෙරිකානු අධ්‍යාපන ආයතන පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ව්‍යාපාර සහ තාක්‍ෂණ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම (අයි.සී.බී.ටී.) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක්ද මහීෂ් තීක්‍ෂණ සහ විශාද් රංදික් කඩුලු 2 බැගින් දවාගනිමින් ව්‍යාපාර සහ තාක්‍ෂණ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ඇමෙරිකානු අධ්‍යාපන ආයතනය - සියලුදෙනා දැවී ලකුණු 20
(ලසිත් ඇඹුල්දෙණිය 08/3, මහීෂ් තීක්‍ෂණ 03/2, විශාද් රංදික් 04/2)
අයි.සී.බී.ටී. - ඕවර 2.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 23
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.