
කොළඹ ආනන්ද විද්‍යාලයේ නෙතුල එදිරිමාන්න නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. තවමත් 14 හැවිරිදි වියේ පසුවන නෙතුල, ආනන්දයේ වයස 15 න් පහළ පළමු කොටසේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශතක 3 ක් ලබා සිටී.
නෙතුල එම තරගාවලියේදී ශතක තුනක් සහ අර්ධ ශතක දෙකක් ද සමගින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 578 කි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 96.33 කි.
සිය පළමු තරගයේදීම අශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 57 ක් ලබාගත් නෙතුල මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර විද්‍යාලයට එරෙහිව ලකුණු 150 ක් ලබාගත්තේය. තුන්වැනි තරගයේදී කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 101 ක් ලබාගත් නෙතුල, රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව ලකුණු 75 ක් ද මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ලකුණු 124 ක් ද ලබාගත්තේය.
නෙල්සන් මෙන්ඩිස් මහතා විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රිකට් පාසල් 15 න් පහළ තරගාවලියේදී කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පාසල නියෝජනය කළ නෙතුල, එම තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා වූයේ ඉනිම 3 කදී ලකුණු 227 ක් ලබාගනිමිනි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 50 ක්, 81 ක් සහ 96 ක් වශයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.