Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නූතන ක්‍රිකට් දිසාපාමොක්ට මහේලගෙන් සිහිවටනයක්

නූතන ක්‍රිකට් දිසාපාමොක්ට මහේලගෙන් සිහිවටනයක්

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ 25 වැනි සංවත්සරයට සමගාමීව එහි නිර්මාතෘ හා ප්‍රධාන පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා අගැයීමේ උත්සවයක් කොළඹ බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේ වනවිට 86 වැනි වියේ පසුවන නෙල්සන් මෙන්ඩිස් මහතා වසර 63ක් වන සිය ක්‍රිකට් පුහුණුකරු දිවියේ ක්‍රීඩා සමාජ හා පාසල් ගණනාවකත් පුහුණුකරු ධුරයේ කටයුතු කර තිබේ. ඒ අතරින් කොළඹ නාලන්දා විදුහලේ ඔහු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංග, මහේල ජයවර්ධන ඇතුළුව ඔහුගෙන් ක්‍රිකට් ගුරුහරුකම් ලැබූ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් 28 දෙනකු පමණ බිහිකිරීමට ඔහු විසින් විසිපස් වසරක වෘත්තීය දිවියේ සමත්ව තිබේ.

ඒ අතරම නෙල්සන් මෙන්ඩිස් මහතා ඉංග්‍රීසි භාෂාවේ විශේෂඥ විශාරදයෙකි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා, එහි හිටපු සභාපතිවරුන්වන ආනා පුංචිහේවා, තිලංග සුමතිපාල, සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු සභාපති හේමක අමරසූරිය යන මහත්වරුන් ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩකයන් හා ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.


අදහස් (0)

නූතන ක්‍රිකට් දිසාපාමොක්ට මහේලගෙන් සිහිවටනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.