Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුගේගොඩ ලයිසියම්ට කඩුලු 10 ක ජයක්

නුගේගොඩ ලයිසියම්ට කඩුලු 10 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී රාගම බැසිලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය. මෙම තරගය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් පසිඳු රාජපක්ෂ (120) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර හංසජ බණ්ඩාර කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

බැසිලිකා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.4 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(දිලේෂ් චමෝද්‍ය 24, හංසජ බණ්ඩාර 34/5, නිපුන් හෙට්ටිආරච්චි 19/2, රවිඳු රාජරත්න 20/2)

ලයිසියම් පාසල - පළමු ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 277
(පසිඳු රාජපක්ෂ 120, සදුෂ්ක සෙනරත් 45, යසිරු චතුමාල් 29, දිල්හාර සිල්වා 26/3, පැතුම් විමුක්.ි 40/2, චාමුක ඉරෝෂ් 44/2, දිනෙත් නිසල් 62/2)

බැසිලිකා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 161
(තරිඳු ගිම්හාන් 60, දිල්හාර සිල්වා 28, රවිඳු රාජරත්න 14/4, ලකිඳු රාජරත්න 25/3, චලිඳු ශශිමාල් 18/2)

ලයිසියම් පාසල - දෙවැනි ඉනිම - ඕවර 1.2 කදී කිසිවකු නොදැවී ලකුණු 10

 

 

 


අදහස් (0)

නුගේගොඩ ලයිසියම්ට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.