Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නීල හරිත සටනේ ජය ශා.ජෝන් විද්‍යාලයට

නීල හරිත සටනේ ජය ශා.ජෝන් විද්‍යාලයට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සහ දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විද්‍යාලය අතර වෙස්ලී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති ‘48 වැනි නීල හරිත’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශාන්ත ජෝන් විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනූ ශාන්ත මැතිව්ස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට ශාන්ත ජෝන් විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 50 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

රසීම් රම්ලාන් (නොදැවී 136) ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූ අතර ආර්.මයුරන් ලකුණු 48 ක්, වී.යුගීෂ් ලකුණු 30 ක් සහ එස්.ගේකොක් ලකුණු 22 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත මැතිව්ස් විද්‍යාලයට ඕවර 50 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 258 ක් පමණි.

රිෂ්කන් රිස්වාන් (83) සහ ජේ. ජුනයිබ් (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ශාන්ත මැතිව්ස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ. අයි.ඉස්ලාම් ලකුණු 34 ක් ලබාගත්තේය.

ශාන්ත ජෝන් විද්‍යාලයේ වී.යුගීෂ් ලකුණු 54 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.


ශා.ජෝන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 307
(රසීම් රම්ලාන් නොදැවී 136, ආර්.මයුරන් 48, වී.යුගීෂ් 30, එස්.ගේකොක් 22)

ශා.මැතිව්ස් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 258
(රිෂ්කන් රිස්වාන් 83, ජේ.ජුනයිඞ් 50, අයි.ඉස්ලාම් 34, වී.යුගීෂ් 54/5)
    


අදහස් (0)

නීල හරිත සටනේ ජය ශා.ජෝන් විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.