Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නැගීඑන කාණ්ඩයෙන් දෙනුවන් පෙරමුණ ගනී

නැගීඑන කාණ්ඩයෙන් දෙනුවන් පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2017 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) නැගී එන කාණ්ඩයේදී කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 4787 ක් ලබාගනිමින් පෙරමුණ ගෙන තිබේ. රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 2809 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණ සිටියි. 
 
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් 12 වැනි සතිය නිමාවන විට සිය ඡන්ද සංඛ්‍යාව තවත් ඉහළ දමාගැනීමට සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1749 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 11,769 කි. 
 
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 6325 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ඡන්ද 1256 ක් ලබාගෙන තිබේ. ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 4951 සිට 5444 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
ගෙවී ගිය සතිය තුළදී කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා පසුපසට ඇද දමමින් ඡන්ද සටහනේ ඉහළට පැමිණීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සමත්ව තිබේ. මේ වන විට ඔවුන් දෙදෙනා පිළිවෙලින් ඡන්ද 4311 ක් සහ 2243 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති. 
 
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 4082 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 2612 කි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ. 
 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
 
1 සහන් දේශප්‍රිය, බී.ජී. 1, විතානගේ මාවත, කොළඹ 2 
2 ජයන්ති රොද්‍රිගූ, 106/32ඒ, උයන පාර, මොරටුව 
3 ශ්‍රියානි කාරියකරවන, ‘නිමල් සෙවන’ පහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ 
4 ඒ.කේ. ජයානි, 222, ප්‍රගතිපුර, මාදිවල, කෝට්ටේ 
 
-036 

අදහස් (0)

නැගීඑන කාණ්ඩයෙන් දෙනුවන් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.