Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහලේ මන්මිතගෙන් ශතකයක්

නාලන්දා විදුහලේ මන්මිතගෙන් ශතකයක්

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයක් ලෙස කොළඹ නාලන්දා විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා විදුහල සමත් විය. 

එහිදී නාලන්දා විදුහලේ මනූප මන්මිත හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 118 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර සාන්ත තෝමස් විදුහලේ අවිනාෂ් ප්‍රනාන්දු (58) සහ තිසෙන් ඇහැළියගොඩ (72) අර්ධ ශතක ලබාගත්හ. 


සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 159   
(මහිත් පෙරේරා 46, නේතන් කල්දේරා 43, මාලන් දියේගෝ 33, ඔසඳ පමුදිත 36/4, මිනෝද් කල්දේරා 25/2, තිසර දෙව්දුණු 43/2) 

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 74.5 කදී සියලු දෙනා දැවී 214 
(නදුල් ජයලත් 16, මනූප මන්මිත 118, ඔසඳ පමුදිත 20, අෂේන් පී. පෙරේරා 31/2) 

සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61 කදී කඩුලු 6 ක් දැවී 223   
(අවිනාෂ් ප්‍රනාන්දු 58, තිසෙන් ඇහැළියගොඩ 72, මහිත් පෙරේරා 31, නේතන් කල්දේරා 16, නදුල් ජයලත් 40/3) 

-036 


අදහස් (0)

නාලන්දා විදුහලේ මන්මිතගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.