Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්ද විදුහලට කඩුලු 8 ක ජයක්

නාලන්ද විදුහලට කඩුලු 8 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල පෙරේදා  (20 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රවීන් ද සිල්වා කඩුලු 5 ක් ද ලක්ෂාන් කාශ්‍යප (62) සහ ජයෝද් කල්දේරා (නොදැවී 53) අර්ධ ශතක ලබාගනිමින් නාලන්ද විදුහලට ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ශා.අන්තෝනී විදුහල - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී 144
(අවිශ්ක තරිඳු 31, ගිහාන් සස්මික 25, කවීශ දුලංගන 20, රවීන් ද සිල්වා 26/5, ජවෝද් කල්දේරා 11/2)

නාලන්ද විදුහල - ඕවර 34.2 කදී කඩුලු 2 ක් දැවී 149
(ලක්ෂාන් කාශ්‍යප 62, ජයෝද් කල්දේරා නොදැවී 53, කවීශ දුලංජන 27/2)


අදහස් (0)

නාලන්ද විදුහලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.