Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී දෙබරවැව ජාතික පාසලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට මාතර සාන්ත සර්වේශස් විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නවීන් සචිත් කඩුලු 5 ක් සහ පසන් තත්සර කඩුලු 4 ක් දවාගනිමින් මාතර සාන්ත සර්වේශස් විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
සා.සර්වේශස් විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 141
(බිම්සර කවිඳු 29, දිනුර දිල්මිත් 21, සුලක්‍ෂණ විජේවර්ධන 29/4, ඒ.විජේනායක 25/3)
දෙබරවැව ජාතික පාසල - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී 139
(සුලක්‍ෂණ විජේවර්ධන 49, මිලිඳු මනෝද්‍ය 26, නවීන් සචිත් 34/5, පසන් තත්සර 26/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.