Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්තයට ගොස් සිටින නවසීලන්ත කණ්ඩායමේ තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේ වුවත් සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව 20 වැනිදා (සිකුරාදා) ආරම්භ වීමට නියමිතව තිබූ පුහුණු තරගය එලෙසින්ම පැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් නිලධාරීහු කියති.
මෙම පුහුණු තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය බැවින් සිකුරාදා තරගය ආරම්භ කළ නොහැකි විය.
නවසීලන්ත පිතිකරු හෙන්රි නිකොල්ස්, මඳ වේග පන්දු යවන්නකු වන බ්ලෙයාර් ටික්නර් සහ පන්දු යැවීමේ පුහුණුකරුවා වන ෂේන් ජර්ගෙන්සන් තිදෙනාටම කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. ඒ හේතුවෙන් මෙම තිදෙනාම දින 5 ක කාලයක් පුරා ඔවුන් නැවතී සිටින හෝටලයේ කාමර් තුළ හුදෙකළා කෙරෙනු ඇත.
හෙන්රි නිකොල්ස් මෑතකදී පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට මුහුණ දුන් අතර පළමු පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් නොසිටියේය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයක් සියලු දෙනාම නිරුපදි්රව සිටින නමුත්, ඔවුන් සියලු දෙනා කෙරේම දැඩි අවධානයෙන් සිටින බව නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
හෙන්රි නිකොල්ස් නවසීලන්ත කණ්ඩායමේ සිටින ප්‍රධාන පෙළේ පිතිකරුවෙකි. ටෙස්ට් තරග 46 කදී ශතක 8 ක් ලබා සිටින ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 40.38 කි. පෙරහුරු තරග දෙකට ක්‍රීඩා නොකරන නමුත් ජූනි 2 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටික්නර් නවකයෙකි. ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 2 කට පමණි.
නවසීලන්ත කණ්ඩායමේ කොටසක් එංගලන්තයේ සිටියද, නායක කේන් විලියම්සන් තවමත් සිටින්නේ නවසීලන්තයේය. විලියම්සන්ගේ බිරිඳ දෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටින බැවින්, නවසීලන්ත නායකයා සිය එංගලන්ත ගමන තරමක් ප්‍රමාද කර තිබේ. මේ අතර නවසීලන්ත පිලේ අනෙක් ප්රබලතම ක්‍රීඩකයන් වන ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් සහ ඩැරිල් මිචෙල් තවමත් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටිති.
ලෝක ටෙස්ට් ශූරතාව දිනා සිටින නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජූනි මස 2 වැනිදා ආරම්භ වෙයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු පුවරුව අනුව නවසීලන්තය (38.89%) 6 වැනි ස්ථානයේද, එංගලන්තය (12.50%) ස්ථානයේද සිටිති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.