Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත කණ්ඩායම දිවයිනට

නවසීලන්ත කණ්ඩායම දිවයිනට

editorial - 2025 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනායක ටී.කේ.ජී.කපිල

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  සදහා සහභාගී වන පළමු විදේශීය ක්‍රිකට් කණ්ඩායම බවට  නවසීලන්ත කණ්ඩායම පත්විය. ඔවුහු පෙරේදා (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

වසර 03 කට වරක් පැවැත්වෙන මෙම ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2004 වසරේදී ද මෙරට පවත්වා ඇති අතර ඉන් වසර 21 කට පසුව යළිත් එම තරගාවලිය මෙරට පැවැත්වීම විශේෂත්වයකි .

තරගාවලිය ලෝකයේ රටවල් 09 ක ක්‍රිකට් කණ්ඩායම් 31 ක සහභාගීත්වයෙන් එළඹෙන 26 දා සිට ඔක්තෝම්බර් 04 වැනිදා  දක්වා තලවතුගොඩ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ,එංගලන්තය,දකුණු අප්‍රිකාව, ඇමෙරිකාව, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම් කාණ්ඩ 04 ක් යටතේ  විවෘත පිරිමි,විවෘත කාන්තා,වයස අවුරුදු 19 න් පහළ පිරිමි සහ වයස අවුරුදු 19 න් පහළ කාන්තා වශයෙන් තරග  කිරීම සදහා මෙරටට පැමිණීමට නියමිතය.


අදහස් (0)

නවසීලන්ත කණ්ඩායම දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.