Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නදීර ඉෂාන් කඩුලු 50 යි

නදීර ඉෂාන් කඩුලු 50 යි

Nisanka Sandeepani - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර පැවැත්වෙන අන්තර් පාසල් වයස 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ කඩලු 50 පසුකල පළමු  ක්‍රීඩකයා වීමේ භාග්‍යය උදාකර ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නදීර ඉෂාන්  සමත් වූවේය.
 
නදීර ක්‍රිකට් තරග හතක් වැනි අඩු තරග සංඛ්‍යාවකින් මෙලෙස කඩලු 50 පසුකර යාම විශේෂයෙන්ම කැපි පෙනේ.  ඔහු තරග හතකදී කඩලු  51 ක් ලබාගෙන  ඈත. මෙම කඩුලු 51 සදහා නදීර ලබාදී ඇති  ලකුණු ගණන 291 කි.
 
ඔහු එක් තරගයකදී එක් ඉනිමකදී කඩලු 5 බැගින්  ඉනිම දෙකේදීම කඩලු 10ක් ලබාගත් තරග ගණන දෙකකි. ඒ අම්බලන්ගොඩ මාදම්පාගම හා දෙහිවල ශාස්ත්‍රානන්ද  විදුහල්වලට එරෙහිවය. මේ තරග හතෙන් හොදම පන්දු යැවීම එක් තරගයකදී ඉනිම දෙකේදීම ලකුණු 58 ට කඩලු  15ක් ලබාගැනීමය. ඒ දෙහිවල ශාස්ත්‍රානන්ද  විදුහලට එරෙහිවය. එම තරගයේදී නදීර පළමු ඉනිමේදී ලකුණු 5 ට කඩලු  8ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 50 ට  කඩලු 7ක්ද දවා ගත්තේය.
 
නදීර කඩලු ලබාගත් අකාරය 
මහරගම ජනාධිපති විද්‍යාලය-පළමු ඉනිම 2/2,දෙවැනි ඉනිම  3/4
ගනේමුල්ල ගලහිටියාව මාධ්‍ය  විද්‍යාලය - පළමු ඉනිම  19/2, දෙවැනි ඉනිම 22 /4
මතුගම ශාන්ත මේරි විද්‍යාලය - පළමු ඉනිම 5 /2,   දෙවැනි ඉනිම 26 /1
අම්බලන්ගොඩ මාදම්පාගම විද්‍යාලය - පළමු ඉනිම 44/5, දෙවැනි ඉනිම 21 /5
කොච්චිකඬේ  ලොයෙලා විද්‍යාලය - පළමු ඉනිම 50 /7,  දෙවැනි ඉනිම38/1
දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලය -  පළමු ඉනිම 5/8,  දෙවැනි ඉනිම 50 / 7
පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලය - පළමු ඉනිම 6/3 , දෙවැනි ඉනිම පන්දු නොයවන ලදී.
 

අදහස් (0)

නදීර ඉෂාන් කඩුලු 50 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.