Last Update  :  2026-01-01 17:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මසේන යළිත් අධි ශ්‍රේණියේ විනිසුරුවන් අතර

ධර්මසේන යළිත් අධි ශ්‍රේණියේ විනිසුරුවන් අතර

Dilrukshi - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

වසර 2015 - 2016 අන්තර්ජාති කි‍්‍රකට් සමය වෙනුවෙන් නම් කරන ලද අධි ශ්‍රේණියේ විනිසුරු මඩුල්ල සඳහා ශ‍්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන නැවතත් ඇතුළත්ව සිටී. මෙම විනිසුරු මඬුල්ල විනිසුරුවන් 12 දෙනකුගෙන් සමන්විතය.

වසර 2011 සිට අධි ශ්‍රේණියේ විනිසුරු මඬුල්ලේ කටයුතු කරන කුමාර් ධර්මසේන මහතා පසුගිය පෙබරවාර - මාර්තු මාසවලදී පැවැති ලෝක කුසලන තරගාවලියේ අවසන් මහ තරගය විනිශ්චය කිරීමේ අවස්ථාවද උදාකරගත් විනිසුරුවරයෙකි.

මේ වන විට ටෙස්ට් තරග 29 ක ප‍්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කර ඇති ධර්මසේන මහතා එක්දින අන්තර්ජාතික තරග 65 කදී සහ විස්සයි :20 තරග 17 කදී ප‍්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කර තිබේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලරිඞ්ස්, අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරග තීරක රන්ජන් මඩුගල්ලේ, එංගලන්ත පිලේ හිටපු කී‍්‍රඩක සහ විනිසුරු ඬේවිඞ් ලොයිඞ් සහ ඉන්දීය පිලේ හිටපු නායකයකු මෙන්ම හිටපු ටෙස්ට් විනිසුරුවකුද වන ශී‍්‍රනිවාසන් වෙන්කට්රාඝවන් යන මහත්වරුන්ගේ කමිටුවක් විසින් මෙම අධි ශ්‍රේණියේ විනිසුරු මඩුල්ල තෝරා ගන්නා ලදි

අධි ශ්‍රේණියේ විනිසුරු මඩුල්ල

විනිසුරුවරුන් ටෙස්ට් තරග එක් දින තරග වි : 20 තරග
අලීම් දාර් (පකිස්තානය) 95 172 35
කුමාර ධර්මසේන (ශ්‍රී ලංකා ) 29 65 17
මාරියස් එරැස්මස් (දකුණු අප්‍රිකාව 30 62 20
ක්‍රිස්  ගැෆනි (නවසීලන්තය) 2 41 15
ඉයන් ගෝල්ඩ් (එංගලන්තය) 43 103 29
රිචඩ්  ඉලිංවර්ත්(එංගලන්තය) 14 38 11
රිචඩ් කෙට්ල්බරර් (එංගලන්තය) 27 57 17
නයිජල් ‍ලොන්ග් (එංගලන්තය) 28 93 20
සුන්දරම් රවී (ඉන්දියාව) 6 24 12
පෝල් රයිෆල් (ඕස්ට්‍රේලියාව) 16 41 13
රොඩ්නි ටකර් (ඕස්ට්‍රේලියාව) 36 58 23

 

 

 

 


අදහස් (0)

ධර්මසේන යළිත් අධි ශ්‍රේණියේ විනිසුරුවන් අතර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.