Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මරාජ විදුහලට ඉනිමක ජයක්

ධර්මරාජ විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහලට සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ඉනිමක සහ ලකුණු 57 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ධර්මරාජ විදුහල සමත්විය.

එස්. ද. එස්. ජයසිංහ විදුහලට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 127 ක් රැස්කිරීමට නියමිතව තිබුණද, දෙවැනි ඉනිම වෙනුවෙන්ද ඔවුන්ට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 70 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මරාජ විදුහල සියලූ දෙනා දැවී ලකුණු 178 ක් රැස්කිරීමට සමත්විය.

දෙනෙත් ලංකා සහ රුචිර පුපුලේවත්ත කඩුලූ 5 බැගින් දවාගනිමින් ධර්මරාජ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගය දෙවැනි දිනයේ දිවා ආහරයට පෙර අවසන් විය.

 

ධර්මරාජ විදුහල - පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලූ දෙනා දැවී 178
(රුචිර පුපුලේවත්ත නොදැවී 31, රාජිත ළහිරු 24, වෙනුක ගලහිටියාව 21, දෙනෙත් ලංකා 20, තරුෂ වීරගෝඩ 18, චන්දිමාල් ද සිල්වා 17, ඉරෝෂන් ලක්රුවන් 48/4, ඉෂාර කුරුවිට 9/2)

එස්. ද. එස්. ජයසිංහ විදුහල - පළමු ඉනිම - ඕවර 26.2 කදී සියලූ දෙනා දැවී 51
(ඉෂාර කුරුවිට 17, ජයපත්ම තෙන්නකෝන් 5/3, සපුමල් තෙන්නකෝන් 3/2, දෙනෙත් ලංකා 4/2, රුචිර පුපුලේවත්ත 9/2)

එස්. ද. එස්. ජයසිංහ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 26.4 කදී සියලූ දෙනා දැවී 70
(මහේෂ් පීරිස් 18, රුචිර පුපුලේවත්ත 21/3, දෙනෙත් ලංකා 30/3, සපුමල් තෙන්නකෝන් 6/2)


- 036

 


අදහස් (1)

ධර්මරාජ විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.