Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෝනි කිරුළ බිම දමා ටෙස්ට් පිටියෙන් යන්න යයි

දෝනි කිරුළ බිම දමා ටෙස්ට් පිටියෙන් යන්න යයි

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී අද (30 වැනිදා) අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු මෙම හදිසි තීරණය ප‍්‍රකාශයට පත්කර ඇත.

දෝනිගේ තීරණය වහාම කි‍්‍රයාත්මක වන්නක් වන බැවින් සිඞ්නි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විරාට් කෝලිට හිමිවී තිබේ.

සියලූම ආකෘතීන්ගේ කි‍්‍රකට් කී‍්‍රඩාවල (ටෙස්ට්, එක්දින සහ විස්සයි20) නිතරවීමේදී ඇතිවන අපහසුතාව, තම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට හේතුව ලෙස පවසන දෝනි, මෙතැන් පටන් එක්දින සහ විස්සයි20 තරග සඳහා පමණක් තම අවධානය යොමුකරන බවද කියා සිටියි.  

තමන් නායකත්වය දැරූ කාල සීමාව තුළ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ට රැගෙන ඒමට සමත්වූ විශිෂ්ට නායකයින් අතරටද දෝනි ඇතුලත්ව සිටියි.

අනිල් කුම්බල්ගෙන් පසුව, 2008 වසරේදී, ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ දෝනි, තම ටෙස්ට් කි‍්‍රකට් දිවිය තුළ සහභාගී වී ඇති තරග 90 න් 60 කදීම ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරා තිබේ. ඉන්දීය කණ්ඩායම මෙහෙයවූ නායකයන් අතුරින් වඩාත් සාර්ථකම නායකයා ලෙස හැදින්විය හැකි දෝනි, ටෙස්ට් තරග 27 ක් ජයග‍්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබේ.

දෝනිගේ නායකත්වය යටතේ 2009 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ට පැමිණි ඉන්දීය කණ්ඩායම, 2011 වසර මැද භාගයේදී එංගලන්තය හමුවේ තරග 4-0 ක් ලෙස පරාජය වන තෙක්ම එම ස්ථානය රැකගත්තේය.

ඉකුත් මාස 12 තුළදී ඉන්දීය කණ්ඩායම, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඉතා දුර්වල කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ අතර එහිදී ඔවුන් දකුණු අපි‍්‍රකාව හමුවේ තරග 1-0 ක්, නවසීලන්තය හමුවේ තරග 1-0 ක් සහ එංගලන්තය හමුවේ තරග 3-1 ක් ලෙස පරාජයට පත්විය.

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා විට දෝනි තරග 90 කදී ඉනිම් 144 ක් තුළ ලකුණු 4876 ක් රැස්කරගෙන සිටි අතර එහිදී ඔහු ශතක 6 ක් සහ අර්ධ ශතක 33 ක් ලබා සිටියේය. ටෙස්ට් තරග වලදී ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍යය 38.09 ක් ලෙස සටහන් වේ.

දෝනිගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ 2013 වසරේ  ඕසටේ‍්‍රලියාවට එරෙහිව චෙන්නායිහිදී රැස්කළ ලකුණු 224 යි.

කඩුලූ රකින්නකු ලෙස දවාගැනීම් 294 කට දායක වී ඇති දෝනි, එහිදී උඩ පන්දු 256 ක් රැගෙන ඇති අතර ස්ටම්ප් කිරීම් 38 කට දායක වී තිබේ.

036


අදහස් (1)

දෝනි කිරුළ බිම දමා ටෙස්ට් පිටියෙන් යන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.