Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි පෙළ එක්දින ශූරතාව මොරටුවට

දෙවැනි පෙළ එක්දින ශූරතාව මොරටුවට

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (08 වැනිදා) පැවැති දෙවැනි පෙළ එක්දින සීමිත ඕවර තරගාවලියේ අවසන් මහ තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සැරසන්ස් පිල ලකුණු 21 කින් පරාජය කළ මොරටුව ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගත්තේය. සැරසන්ස් කණ්ඩායම ලකුණු 232 ක ඉලක්කයක් කරා ගියද, වර්ෂාව හේතුවෙන්, ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, සැරසන්ස් පිලේ ඉලක්කය ඕවර 38 කදී ලකුණු 189 ක් විය.

ඕවර 38 ක් නිමාවේදී සැරසන්ස් පිල ලබා සිටියේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 කි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩා සමාජ කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 231 ක් ලබාගත්තේය. මොරටුව ක්‍රීඩා සමාජය මෙම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම සඳහා සැරසන්ස් පිල  වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂෙනාල් ද සිල්වා සිය ඕවර 5 ලකුණු 26 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. 

මොරටුව ක්‍රීඩා සමාජ පිතිකරුවෝ තරමක් මන්දගාමී වූ බැවින්, 40 වැනි ඕවරය නිමාවේදී ලකුණු පුවරුව කඩුලු 6 කට 164 ක් ලෙසින් සටහන් විය. එහෙත් අවසන් ඕවර 10 දී ලකුණු වේගය වැඩිකළ පිතිකරුවෝ කඩුලු 4 ක් පමණක් දෙමින් ලකුණු 67 ක් සිය ඉනිමට එකතු කළහ. 

සැරසන්ස් පිලේ දෙවැනි කඩුල්ලත් 13 වැනි ඕවරයේදී බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 43 ක් විය. දිනිත සිරිවර්ධන (49) සහ ගැවින් බොතේජු (38) එක්ව ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට ගෙන ගියද, 38 වැනි ඕවරයේදී වර්ෂාව ඇද වැටීම නිසා එතෙකින් තරගය නතර කරන ලදි. 


මොරටුව ක්‍රීඩා සමාජය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 231 යි
(සමිත ඩිල්ෂාන් 18, අනුෂ්ක පෙරේරා 70, යොහාන් පෙරේරා 11, රවීන් පෙරේරා 34, සුමල්ක ප්‍රනාන්දු 20, උමයංග සුවාරිස් 36, නිපුන් පීරිස් 15, තේමිය ගුණරත්න නොදැවී 12, තනුග පළිහවඩන 39/2, ෂෙනාල් ද සිල්වා 26/4)

සැරසන්ස් ක්‍රීඩා සමාජය - ඕවර 38 කදී කඩුලු 7 ක් දැවී 167 යි
(සමිත රංග 16, දිනිත සිරිවර්ධන 49, ගැවින් බොතේජු 38, දේශාන් ප්‍රනාන්දු 26, කසුන් ඒකනායක 22, අනූක් ද අල්විස් 36/3) 


අදහස් (0)

දෙවැනි පෙළ එක්දින ශූරතාව මොරටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.