Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිටකොන්දේ වම් පස ඇතිවූ වේදනාවක් නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය වේග පන්දු යවන කසුන් රාජිතට අහිමි වී තිබේ. කසුන් වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට එක්වී සිටී.
සිලත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත මුල් ඉනිමේදී ලකුණු 56 කට කඩුලු 3 ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 56 කට කඩුලු 5 ක් ද දවාගත්තේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 30 වැනිදා චැටෝග්‍රෑම් නුවරදී ආරම්භ වෙයි. පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.
ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ අභ්‍යාස කිරීමටත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීත් සඳහා කසුන් රාජිත ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.