දෙනුවන් ඡන්ද 10,000 සීමාව අබියස
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 16 වැනි සතිය නිමාවන විට නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 10,000 සීමාවට ලඟා වෙමින් සිටියි. රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 5,871 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
ගෙවී ගිය සතියේදී ඡන්ද 1,361 ක් ලබාගැනීමට දෙනුවන් සමත්ව ඇති අතර එහිදී කෙනුල ලබාගෙන ඇත්තේ ඡන්ද 561 ක් පමණි.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ ගෙන සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1,775 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 18,731 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 11,375 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ඡන්ද 1,398 ක් ලබාගෙන තිබේ. ඒ අනුව ඩෙලන් සහ සචින් අතර පැවැති ඡන්ද පරතරය 7,356 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සහ කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා පිළිවෙලින් ඡන්ද 4,625 ක් සහ 2,996 ක් බැගින් තවදුරටත් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 5,457 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 4,469 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 තිස්ස පෙරේරා භාරයේ ජී.පී.කේ. පෙරේරා. 7 වැනි වීදිය, බුලුගහවත්ත, මල්කඩුවාව, කුරුණෑගල
2 ජයන්ත සේනාධීර, 84, ජයන්ත බේක් හවුස්, මහ වීදිය, හිගුරුකන්ද
3 ඩබ්.ඩබ්. පෙරේරා, 257/4, රුහුණුපුර, තලවතුගොඩ
4 මේරි රොචෙල් ප්‍රනාන්දු, 308 ඒ, ජුබිලි මාවත, කටුනායක
-036