Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණේ හරිත - නීල සටන 5 දා බෙන්තරදී

දකුණේ හරිත - නීල සටන 5 දා බෙන්තරදී

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ)

බෙන්තර ගාමිණී විදුහල සහ  ඇල්පිටිය ආනන්ද විදුහල අතර සිව්වැනි වරටත් සංවිධානය කෙරෙන හරිත - නීල වාර්ෂික ක්‍රිකට් තරගය අගෝස්තු මස 5 වැනිදා බෙන්තර ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විදුහල් දෙකේම සම සංවිධානයෙන් මෙවර තරගය පැවැත්වෙන අතර එය එක්දින තරගයක් ලෙස පැවැත්වීමට විදුහල් දෙකම එකඟ වී තිබේ. මීට පෙර පැවති හරිත - නීල ක්‍රිකට් තරග තුනෙන් පහුගිය වසර දෙකේදී පැවති තරග දෙකම දෙදින තරග ලෙස පැවැත්විණ.

මංගල තරගය පමණක් එක්දින තරගයක් ලෙස පැවැත්විණ. මංගල එක්දින තරගයේ ජයබෙන්තර ගාමිණී විදුහලට හිමිවූ අතර ඊට පසු පැවති දෙදින තරග දෙකම ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

මෙම පාසල් දෙකම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසින් තරග වදින අතර මේ වසරේ පැවති අන්තර් පාසල් තරගාවලියේදී බෙන්තර ගාමිණී විදුහල තරග තුනකට සහභාගී වී ඉන් තරගයක් පූර්ණ ජයක් ලබාගෙන ඉතිරි තරග දෙකේම පළමු ඉනිමේ ජය ලබාගෙන තිබේ.

ඇල්පිටිය ආනන්ද විදුහල මෙවර තරගාවලියේදී තරග 5 කට සහභාගී වී ඉන් තරග 3 ක පළමු ඉනිමේ ජය ලබා ඇත.  එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්වී තවත් තරගයක් පරාජයට පත්ව තිබේ.

සිව්වැනි හරිත - නීල එක්දින ක්‍රිකට් තරගයේදී බෙන්තර ගාමිණී විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස පන්සිළු සෙනවිරත්න කටයුතු කරන අතර මාලක පබෝධන උපනායකයා ලෙස කටයුතු කරයි.

ඇල්පිටිය ආනන්ද විදුහල් කණ්ඩායමට මලීෂ විජේරත්න නායකත්වය සපයන අතර සචින් සන්සිඳු උපනායකයා ලෙස කටයුතු කරයි.

 

බෙන්තර ගාමිණී විදුහල් කණ්ඩායම -

පන්සිළු සෙනවිරත්න (නායක), මාලක පබෝධන (උපනායක), චලක සමාධි, හිරෝෂ් ඉඳුවර, ගනිඳු දෙනෙත්, ලසිත එරන්ද, දෙනුවන් මධුසංක,  විමුක්ති විදර්ශන, මාලක සම්පත්, දිනෙත් නිම්සර, රිසඳු ගිම්හාන, මනිල්ක ශෙහාන්, ගිහාන් අරුනෝද, පළිඟු නිලඹර, දෙනෙත් නෙත්සර සහ  යසිරු යසන්ත

 

ඇල්පිටිය ආනන්ද විදුහල් කණ්ඩායම

මලීෂ විජේරත්න(නායක), සචින් සන්සිදු(උපනායක), මනුම ජීවන්ත, සප්න අපූර්ව, ටිරාන් කෞමාන්, නිරුන් නිම්සර, කවිෂ්ක විදුෂාන්, ලක්වින් වේනික, සසිඳු මධුරංග, බිම්සාල් දෙව්මාල්, මනුසංක දිහාර, හර්ෂ සංදීප, ශිහාන් තත්සර, එමාන් ලක්ෂිත, ශෙනෙත් ශීමාල්, සිනෙත් සදීප, ටෙෂාන් සලින්ද, තිමිර නෙත්සර, ඕෂධ දීමන්ත, තරුන් දිල්ෂාන් සහ කවීම හංස


අදහස් (0)

දකුණේ හරිත - නීල සටන 5 දා බෙන්තරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.