Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ දකුණු අප්‍රිකානුවෝ, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 20.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. මුහුණදුන් දෙවැනි පන්දුවටම පන්දු යවන්නාගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කළ ඩෙවෝල්ඩ් බ්‍රේවිස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 86 ක් රැස්කළ ඒඩ්න් මාක්‍රම්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. රයන් රිකෙල්ටන් (නොදැවී 31) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 121 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාක්‍රම් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට කේෂව් මහරාජ් සහ වියාන් මල්ඩර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. එහිදී මහරාජ් ලකුණු 22 කට කඩුලු 4 ක්ද, මල්ඩර් ලකුණු 33 කට කඩුලු 3 ක්ද දවාගනිමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජෙමී ස්මිත් පන්දු 48 කින් ලකුණු 54 ක් රැස්කළේ හතරේ පහර 10 ක් සමගිනි. ඔහු හැරුණුකොට සෙසු එංගලන්ත පිතිකරුවන් කිසිවකුට ලකුණු 15 සීමාව පසුකර යෑමට නොහැකි වූහ. එහිදී පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 කටත් අඩුවෙන් දැවීයෑමද එංගලන්තයට විශාල පාඩුවක් විය.
දකුණු අප්‍රිකාව - ඕවර 20.5 කදී කඩුලු 3 ක් දැවී 137
(ඒඩ්න් මාක්‍රම් 86, රයන් රිකෙල්ටන් නොදැවී 31, ආදිල් රෂීඩ් 26/3)
එංගලන්තය - ඕවර 24.3 කදී සියලු දෙනා දැවී 131
(ජෙමී ස්මිත් 54, ජෝ රූට් 14, ජොස් බට්ලර් 15, කේෂව් මහරාජ් 22/2, වියාන් මල්ඩර් 33/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.