Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයත් සමග ඉන්දියාව දෙවැනි තැනට ඇද දමමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී පන්දු 46 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඒඩ්න් මාක්‍රම් (52) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලර් සමත් විය. පන්දු 41 කදී වාර්තා වූ මාක්‍රම්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. නායක රෝහිත් ශර්මා ලකුණු 15 කට සහ විරාට් කෝලි ලකුණු 12 කට දැවී යෑමත් සමග ඉන්දීය ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10 කටත් අඩුවෙන් දැවී ගියහ. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සූර්යකුමාර් යාදව් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුංගි න්ගිඩි ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගත් අතර ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වේන් පනේල් කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමිනි. ඊට නිලකුණු ඕවරයක්ද ඇතුළත් විය.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 133
(රෝහිත් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 68, ලුංගි න්ගිඩි 29/4, වේන් පනේල් 15/3)
දකුණු අප්‍රිකාව - ඕවර 19.4 කදී කඩුලු 5 කට 137
(ඒඩ්න් මාක්‍රම් 52, ඩේවිඩ් මිලර් නොදැවී 59, අර්ෂ්දීප් සිං 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.