Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෙවිඳුගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

තෙවිඳුගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර ‘සහෝදරයන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 40 වැනි එක්දින තරගය කඩුලු 4 කින් ජයගැනීමට ඉසිපතන විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.

නොදැවී ලකුණු 47 ක් ලබාගත් ධනංජය ද සිල්වා තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර අවිෂ්ක කෞෂල්‍ය ලකුණු 44 ක් සහ ජයවිහාන් මහවිතාන ලකුණු 40 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

සවිඳු උත්සර ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් තර්ස්ටන් විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විද්‍යාලය ඕවර 44.3 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

තෙවිඳු දික්වැල්ල (101) ශතකයක් ලබාගනිමින් ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට මූලිකත්වය ලබාගත්තේය. රවිඳු රත්නායක ලකුණු 34 ක් ලබාගනිමින් තෙවිඳු දික්වැල්ලට අනගි සහයක් ලබාදුන්නේය.


තර්ස්ටන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 202
(ධනංජය ද සිල්වා නොදැවී 47, අවිෂ්ක කෞෂල්‍ය 44, ජයවිහාන් මහවිතාන 40, විහස් තෙවිමික 22, විහඟ ජයනාම 20, සවිඳු උත්සර 34/4)

ඉසිපතන විද්‍යාලය - ඕවර 44.3 කදී කඩුලු 6 ක් දැවී 203
(තෙවිඳු දික්වැල්ල 101, රවිඳු රත්නායක 34, ධනංජය සිල්වා 38/3)

 


අදහස් (0)

තෙවිඳුගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.