Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්වැනි ශ්‍රේණියේ පුහුණුවට

තුන්වැනි ශ්‍රේණියේ පුහුණුවට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු හෂාන් තිලකරත්න, අවිෂ්ක ගුණවර්ධන, හේමන්ත දේවප්‍රිය සහ ඕෂධී වීරසිංහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන තුන්වැනි ශ්‍රේණියේ පුහුණුකරු පාඨමාලාවට සහභාගීවීම සදහා මේ මස අවසානයේදී එක්සත් අරාබී එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.

මෙම විශේෂ පුහුණුකරුවන් පසුගිය කාළයේදී ජාතික කණ්ඩායම සමගින් වැඩිපුර කාලය ගතකර ඇති අතර ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගීවීම සදහා ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුග්‍රාහකත්වය දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම පාඨමාලාව සදහා තෝරාගත් පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ උපදේශක පුහුණුකරුවන් වශයෙන් කටයුතු කරන අතර ඔවුන් එකි නෙකට වෙනස් ජාතික කණ්ඩායම් වල රාජකාරී සදහා යොදවා තිබේ.

 


අදහස් (0)

තුන්වැනි ශ්‍රේණියේ පුහුණුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.