Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තීරණය විදුහල්පතිවරු අතේ

තීරණය විදුහල්පතිවරු අතේ

editorial - 2020 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය හෝ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් නොමැති බවත් ඒ හේතුවෙන් අන්තර් පාසල් මහ ක්‍රිකට් තරග සහ පාසල් ක්‍රීඩා තරග පැවැත්වීමට බාධාවක් නොමැති බවත් අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (12 වැනිදා) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ පාසල් බාහිර කටයුතු පිළිබඳ තීරණය අදාල විදුහල්වල විදුහල්පතිවරුවන්ට ගතහැකි බවයි. ඒ බව තමන් මාධ්‍ය හමුවේදී ද පැවසූ බවද ඇමතිවරයා පැවසීය.

අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  

“රටේ කොරෝනා වසංගතයක් හෝ පාලනය කරන්න බැරි තත්ත්වයක් හෝ නෑ. අපි පාසල් නිවාඩුව කලින් ලබාදීම නිවේදනය කරන විටත් පාසල් ඔක්කොම වහලා. කවුරුත් නෑ පාසල්වල”

“ආනන්දයේ ශිෂ්‍යයෙක්ට කොරෝනා කියලා කථාව ගියා. අවංකම කියනවා නම් අපේ රටට කොරෝනා තර්ජනයක් නෑ. කොරෝනා වැළදුණු එකම පුද්ගලයයි ලංකාවේ ඉන්නේ. සමාජ මාධ්‍යය තමයි මේක වසංගතයක් කරලා තිනේනේ” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

තීරණය විදුහල්පතිවරු අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.