Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි කරට කර

ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි කරට කර

editorial - 2020 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට නිල් මහ සටන ලෙසින් හැඳින්වෙන ත්‍රිත්ව - ශාන්ත අන්තෝනි මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (13 සහ 14) අස්ගිරිය ක්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් දැනට රටේ උද්ගතව පවතින වාතාවරණය හේතුවෙන් මෙම තරගය හෙට සහ අනිද්දා පැවැත්වෙන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේදී ගැනීමට නියමිතව තිබිණ.

103 වැනි වරටත් පැවැත්වීමට නියමිත මෙවර මහ ක්‍රිකට් තරගයේදී ත්‍රිත්ව විදුහල රුවින් පීරිස්ගේ නායකත්වයෙන්ද, ශාන්ත අන්තෝනි පිල මොහොමඩ් කාමිල්ගේ නායකත්වයෙන්ද පිටියට පිවිසෙති.

ත්‍රිත්ව විදුහල් පිල පිටියට බසිනුයේ අපරාජිත මානසිකත්වයෙන් වන අතර,  ඔවුන් මෙවර තරග වාරයේ තරග අටක සම්පූර්ණ ජය වාර්තා කර තිබේ. එකම තරගයක් හෝ පරාජය වී නැත. ශාන්ත අන්තෝනි පිල මේ තරගවාරයේ තරග හතක් ජය ගෙන තරග දෙකක් පරාජය වී තිබේ. ත්‍රිත්ව විදුහල් පිල මේ තරග වාරයේදී මාතර ශාන්ත සර්වේසස්, වෙන්නප්පුව ජෝශප් වාස්, ශාන්ත සෙබස්තියන්, රිච්මන්ඩ්, සහිරා,  ලුම්බිණි, නාලන්ද සහ ආනන්ද විදුහල් පරාජය කර තිබේ.

ත්‍රිත්ව විදුහල වෙනුවන් පිත්තෙන් දස්කම් දක්වමින් අභිශේක් ආනන්දකුමාර ලකුණු 640ක් මේ තරග වාරයේ වාර්තා කර ඇති අතර, මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහිව (113) ශතකයක් ලබාගත්තේය.  ෂේන් ගුණතිලක (540) සහ රනුදු සෝමරත්න (525) මේ තරග වාරයේ ලකුණු 500සීමාව පසුකොට තිබේ.

ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් නායක රුවින් පීරිස් ඔහුගේ වේගපන්දු යවමින් මේ තරග වාරයේ කඩුලු 40ක් බිඳ හෙලා ඇති අතර, මාතර සාන්ත සර්වේසස් විදුහලට එරෙහිව ලකුණු 07ට කඩුලු 6ක් බිඳහෙළමින් ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කර තිබේ. උවිඳු විමලධර්ම කඩුලු 53ක් හා අභිශේක් ආනන්දකුමාර කඩුලු 70ක් ද මේ තරග වාරයේ වාර්තා කොට තිබේ.

ශාන්ත අන්තෝනි පිලේ නායක මොහොමඩ් කාමිල් මේ තරග වාරයේ පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 600 සීමාව පසුකර තිබෙන අතර, මොරටුව විද්‍යාලයට එරෙහිව (93) ඔහුගේ හොඳම පිති හරඹය ප්‍රදර්ශනය කර තිබේ. අසිත වන්නිනායක (418) සහ අන්ජල බණ්ඩාර (392) පිත්තෙන් දස්කම් දක්වා ඇති අනෙක් ක්‍රීඩකයෝ වෙති.

ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වන නිම්නක ජයතිලක මේ තරග වාරයේ කඩුලු 82ක් දවාගෙන ඇති අතර, මොරටුව විද්‍යාලයට එරෙහිව ලකුණු 25ට කඩුලු 7ක් වාර්තා කරමින් ඔහුගේ හොඳම පන්දු යැවීම සනිටුහන් කර තිබේ.

ගිහාන් ඊබට් (57) සහ සසිත් හිරුදික (42) පන්දුවෙන් දස්කම් දක්වන අනෙක් ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.  ශාන්ත අන්තෝනි විදුහල මේ තරග වාරයේ කිංග්ස්වුඩ්, ධර්මරාජ, මොරටුව විද්‍යාලය, ශාන්ත ආනා, ධර්මාශෝක, ධර්මපාල සහ මලියදේව විදුහල්වලට එරෙහිව ජය වාර්තා කොට තිබේ. දෙවිදුහලේ මහා ක්‍රිකට් ඉතිහාසයේ ත්‍රිත්ව විදුහල තරග 23ක්ද, ශාන්ත අන්තෝනි විදුහල තරග 12ක්ද, ජය වාර්තාකොට ඇති අතර, තරග 67ක් ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ.

ශාන්ත අන්තෝනි සංචිතය
මොහොමඩ් කාමිල් (නායක), සුසිත් හිනුදික තෙන්නකෝන් (උප නායක), නිම්නක ජයසිංහ, චමිදු වික්‍රමසිංහ, ගිහාන් ඊබට්, අසිත වන්නිනායක, ලසිත් වේරගම, පංකජ එදිරිසිංහ, සචින් ප්‍රභාත්, තරිඳු ලමාහේවගේ, චන්දිමාල් හේරත්, එන්. උදය කුමාර, ඩී.පී. රාමයියා, ලහිරු අබේසිංහ, බිම්සර ජයසේකර සහ අංජුල බණ්ඩාර, පුහුණුකරු - සුනෙත් ගුණතිලක ක්‍රීඩා භාර ආචාර්ය  - ලෙනින් ජයසිංහ.

ත්‍රිත්ව සංචිතය
රවින් පීරිස් (නායක), අභිශේක් ආනන්දකුමාර, ෂේන් ගුණතිලක, උමායිර් රාසාන්, උවිඳු විමලධර්ම, දිනිත සිරිවර්ධන, කෙවින් අමරසිංහ, මතිශ පතිරණ, ඩීමන්ත බණ්ඩාර,  පසන් ගන්ගොඩ, රනුද සෝමරත්න, ජෙෆ් වීරසිංහ, ඇක්බෝ අමරසිංහ, අක්‍රම් මුතාලිබ් සහ පවන් පතිරාජ,  පුහුණුකරු - කාවින්ද ජයසූරිය
ක්‍රීඩා භාර ආචාර්ය - ධම්මික කුලතුංග.


අදහස් (0)

ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි කරට කර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.