(ෂේන් සෙනෙවිරත්න)ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකා අසේනි තලගුණේ ගේ තුන් ඉරියව් ක්‍රීඩා විලාශය හමුවේ මහමායා - ශාන්ත අන්තෝනි බාලිකා සීමිත ඕවර මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 71 ක පහසු ජයක් වාර්තා කිරීමට මහමායා පිල සමත්විය. අසේනි තලගුණේ පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් (55) වාර්තා කළ අතර පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 09කට ප්‍රතිවාදී කඩුලු 04 ක් බිඳ හෙළීමට සමත් විය.
මෙම තරගය අද බ්‍රහස්පතින්දා (30 වැනිදා) පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනු ශාන්ත අන්තෝනි බාලිකා පිලේ නායිකා පූර්නිමා ගුණවර්ධන මහමායා පිලට පන්දුවට ප්‍රථමයෙන් පහර දෙන ලෙස ආරාධනා කළාය.
ඒ අනුව පිටියට පිවිසි මහමායා පිතිකාරිනියන් නියමිත ඕවර 30 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තේය.
ඊට පිළිතුරු වශයෙන් ශාන්ත අන්තෝනි ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ නියමිත පන්දු ඕවර 30 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 75 ක් පමණි.
මහමායා බාලිකා විදුහල - ඕවර 30 කදී කඩුලු 7 ට 146 යි
(අසේනි තලගුණේ 55, සනූකි පතිරගේ 18, හෂාරි සෝමරත්න නොදැවී 34)
ශාන්ත අන්තෝනි බාලිකා විදුහල - ඕවර 30 කදී කඩුලු 7 ට 75 යි
(පූර්නිමා ගුණවර්ධන 18, ප්‍රවීණ්‍යා යෝගරාජන්12, දුලිනා ප්‍රනාන්දු නොදැවී 12, අසේනි තලගුණේ 09/4, හසාරි සෝමරත්න 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.