Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින තරගයෙන් ඉනිමක සහ ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තර්ස්ටන් විදුහලේ විහස් තෙව්මික ලකුණු 83 කට කඩුලු 9 ක් දවාගත් අතර එම විදුහලේම නවිඳු ප්‍රනාන්දු (70) අර්ධ ශතකයක් ලබාගත්තේය. 


සහිරා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 125 
(අබ්දුල් රහමන් 27, විහස් තෙව්මික 42/6, රචින්ත ද සිල්වා 12/2) 

තර්ස්ටන් විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 289  
(නවිඳු ප්‍රනාන්දු 70, දිනාල් ඉඳුවර 47, ශානික්‍ය දේෂප්‍රිය 39, රනිඳු මලිත් 50/5) 

සහිරා විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 141 
(මොහොමඞ් ඉජාස් 38, තනුග පලිහවඩන 58/5, විහස් තෙව්මික 37/3) 

-036 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.