Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තර්ස්ටන් විද්‍යාලයේ ජනුෂ්ක ප්‍රනාන්දු සහ පංසිළු දේශාන් අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අයේෂ් හර්ෂණ කඩුලු 7 ක් සහ සඳරු ඩයස් කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් හසින්ත ජයසූරිය අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කවිෂ්ක සේනාධීර ලකුණු 66 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී ලකුණු 187
(පුබුදු බණ්ඩාර 38, අභිෂේක් අනාන්ද කුමාර 31, විමුක්ති නෙතුමාල් 27, පූර්ණ වනසේකර 21, රුවින් පිරීස් නොදැවී 21, අයේෂ් හර්ෂණ 37/4, සඳරු ඩයස් 55/3, ජනුෂ්ක ප්‍රනාන්දු 22/2)

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 85.1 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(ජනුෂ්ක ප්‍රනාන්දු 55, පංසිළු දේශාන් 52, නිමේෂ් පෙරේරා 39, නිමේෂ් ලක්ෂාන් 34, ඉමේෂ් විරංග 30, කවිෂ්ක සේනාධීර 66/6, රුවින් පිරීස් 12/2)

ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 253
(හසින්ත ජයසූරිය 74, ටේ‍රවොන් ප්‍රෙසිවෙල් 40, අවිශ්ක සේනාධීර 25, පුබුදු බණ්ඩාර 24, උමීර් ඩිසාන් 23, අයේෂ් හර්ෂණ 53/3, සඳරු ඩයස් 75/3)

 


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.